Wednesday, November 15, 2017


සුද්දා කැලේ ඉද්දි , මහා පාර්වත මාලිගා කලගත් සිංහලයන් !!




ශ්‍රී  ලංකාවේ  ශ්‍රී විබුතිය ලොවට විදහාපාන සීගිරිය ,


සීගිරි පර්වත රාජයා සහ ඒ වටා වූ නටඹුන් වර්තමාන ලෝකයේ අටවැනි ලෝක පුදුමය ලෙසින් හඳුන්වනවා පමණක් නොව, යුනේස්කො  ආයතනය ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා.
සීගිරිය ක්‍රි. ව. 477 වකවානුවේ දී කාශ්‍යප රජුගේ මාලිගාව බවට පත් ව්යේ තම සහෝදර මුගලන් ගෙන් ආරක්ෂා වීමටය .මහාවංශය ඇතුළු අපේ ඉතිහාස මූලාශ්‍ර රාශියකම වැදගත් තැනක් සීගිරි රාජ්‍ය සමයට ලබාදීලා තියෙනවා.ඒ එය එතරම් විශ්මය දනවන නිර්මාණයක් නිසාවෙනි .

මේ තරම් සුවිශාල පර්වතයක් මූදුනෙ මාලිගාවක් තැනුවේ කිනම් අරමුණක් සදහාද ?
සීගිරිය රාජධානියක් කියල සමහරු කියනවා. ඒ වගේම තවත් පිරිසක් සීගිරිය බලකොටුවක් කියලත් හඳුන්වනවා.

සීගිරියේ ඉතිහාසය !

                                                   සීගිරියේ දහසුනක් , චිත්ත්රයට 

ක්‍රි. ව. 460 දී අනුරාධපුරයේ රජ කල ධාතුසේන රජතුමාට පුත් කුමාරවරු දෙදෙනෙක් සිටියා.අගබිසවගේ පුත් මුගලන් සහ උප බිසවකගේ කුමාරයෙක් වන කාශ්‍යප ය. කුමන්ත්‍රණයකින් මුගලන් ට හිමි සිහසුන පැහැරගත් කාශ්‍යප තම පිය මාර දමා රජ විය .මුගලන් කුමාරයා කවද හෝ ඇවිත් සිහසුන ගනිය් යී බිය වූ කාශ්‍යප රජු අනුරාධපුරයෙන් නික්ම ගොස් අතිශය සුවුශල බලකොටුවක් වූ සිගිරිය තම රාජධානිය කරගත්හ.

සීගිරි සංකීර්ණය  ලක්ෂණ 

සීගිරිය කියන්නේ සුවිශේෂ නිර්මාණයක්. ඇත්ත වශයෙන්ම මෙහි ඇත්තේ ගොඩනැගිලි සංකීර්ණයක් බවයි විද්වතුන් සඳහන් කරන්නේ. සීගිරි සංකීර්ණයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මෙලෙස දක්වන්නට පුළුවන්,

පර්වතය මුදුනේ ඇති රජ මාළිගාව

ඩොලින් තැනූ සිංහයාගේ රූපය
ලලනාවන් ගේ රුව සහිත බිතු සිතුවම්
සීගිරි කැටපත් පවුර
ඇතුල් නුවර හා මළුපෙත්
ජල උද්‍යානය
දිය අගල් හා පවුර


යන අංග මිට අමතරව සීගිරි සංකීර්ණයට අයත් දේවල් හැටියට දක්වන්න පුළුවන්. දිය අගල් හා පවුර ඇත්ත වශයෙන්ම ඉඳිකර ඇත්තේ ආරක්ෂක උපක්‍රම වශයෙනි.

          





සීගිරියේ විශ්මය !

ගිම්හාන මාළිගා , 


මහා පර්වතයක් උඩ මාලිගාවක් දහවල් කාලයේදී අව් රශ්මියට කෙසේ රත් වෙනවද කියලා ඔබ අපි කව්රුත් හොදින් දන්නවා . නමුත් ඒ කිසිවක් ගැටළුවක් බවට පත්කර නොගත් මෙම විශිටට නිර්මාණය එයට උචිත මාලිගා වලින් සමන්විතය .

කැටපත් පවුර!

සීගිරියේ කිර්තිය ලොවට විදහාපාන අනෙක් සාධකය වන්නේ කැටපත් පවුරයි.  කැටපත් පවුරේ දක්නට ලැබෙන්නේ කුරුටු ගී ය. මේවා උසස් මට්ටමේ කාව්‍ය නොවුනද මේවා නිර්මාණශිලිත්වයෙන් හා රසයෙන් කිසිදු අඩුවක් නැත. සීගිරිය නැරඹීමට පැමිණි නොයෙක් දෙනා තම අදහස් පලකලේ මෙම කැටපත් පවුරෙහිය.  පුරාන බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා ඇති මේ කුරුටු ගී වලින් 700 වැඩි ප්‍රමාණයක් කියවා තේරුම් ගැනීමට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට හැකිවුණා.


සීගිරියේ විද්වතුන් මවිත කරවන තවත් දෙයක් නම්, එය .. පොලව මට්ටමේ සිට කිසිදු තාක්ෂණික මෙවලමක් රහිතව ජලය පර්වත මුදුනට ගෙන ගිය ආකාරයි.එය අපේ හෙළ දරුවන්ගේ ශිල්ප ඥාණය ලොවටම විදහා දක්වන කැඩපතක්. එසේම පොකුණුවල ජල මල් ක්‍රියාත්මක කලේ කුමන තාක්ෂණයක් උපයෝගී කරගෙනද?


සීගිරියේ රහස්!

 සීගිරිය පිළිබඳව නොයෙකුත් ජනප්‍රවාද සහ මතිමතාන්තර තියෙනවා. ඒවා බොහොමයක් ඉතාම විස්මය ජනකයි. ඒ වගේම ගුප්තයි. සීගිරිය ඇත්තටම කාශ්‍යප රජතුමගේද? මේක බොහෝ කාලයක සිට නැගෙන ප්‍රශ්නයක්. එක ජනප්‍රවාද කතාවක් එකට මෙහෙම උත්තර දෙනවා.

“සීගිරිය කියන්නේ රාවණා රජතුමාට අයිති භූමියක්. එතුමා තම මාළිගාව තනන්නට සැලසුම් කරලා තිබුනේ සිගිරියේ. ඒත් සිතා දේවිය පැහැරගෙන එන්නට සිදුවු නිසා රාවණා අනපේක්ෂිත යුද්ධයකට මුහුණ දෙනවා.  මේ නිසා මාළිගාව සැදීම රාවණා රජුට මග හැරෙනවා. පසු කලෙක කාශ්‍යප රජු සීගිරිය මත තමන්ගේ මාළිගාව ගොඩනගන්නේ  රාවණාගේ සැලසුමට අනුව කියලයි කියවෙන්නේ.”

තවත් ජනප්‍රවාදයක දැක්වෙන්නේ මිට වෙනස් කතාවක්. එක මෙහෙමයි:

“රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ  “මායා දන්නාව” නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණාගේ පියා වූ විස්තවාස රජු (වෙසමුණි) ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමයෙහි දී එයහැඳින්වූයේ චිත්රණකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව “විභීශණ” රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතරආලකමන්දාවට විභීශණගේ ඥාතියෙකු මෙන්ම  යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ, තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන් වෙන්නේ. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු (ක්‍රි. පූ. 437 – 367) හට රජකම ලබාදෙන්නට උපකාර කල අයෙක්. ඒ පණ්ඩුකාභය කුමරුගේ දෙමාපියන් පැවත එන්නේ චිත්තරාජ වංශයෙන් කියලයි සැලකෙන්නේ.”

සීගිරිය මුදුනට අද අපට නගින්නට පුළුවන්කම ඇත්තේ ගල වටා ගමන් කිරීමෙනුයි. එහෙත් එදා කාශ්‍යප රජ දවස එයට වඩා පහසුවෙන් ගල මුදුනට ගමන් කිරීමට ගමන් මගක් තිබුනාට සැකයක් නැහැ. රජකෙනෙක් අපි වගේ දහදිය මුගුරු හෙලමින් පය ගානක් තිස්සේ තමන්ගේ මාළිගාවට ගමන් කරනවා කියල හිතන්න බැහැ. විශේෂයෙන්ම ආරක්ෂක විධි විධාන ඇතුව හිටපු රජ කෙනෙක්.

ඒ නිසා සිංහ පාදයෙන් ඇතුල් වූ පසු, ගල මතුපිටට පැමිණීමට රහසිගත් ගමන් මගක් තිබුණු බවට විශ්වාස කෙරෙනවා. මේ පිළිබඳවත් නොයෙකුත් කතාන්දර සහ ජනප්‍රවාද පවතිනවා.

කුමක් හෝ හේතුවකට අද ඒ මංපෙත වැසී ගිහින්. ගල් පර්වතය විනිවිද දැකිය හැකි තාක්ෂණයක් හෝ උපකරණයක් හෝ සොයාගන්නා තුරු අභිරහස ඉතිහාසයේ සැඟවී තිබෙනවා ඇති.

මූලාශ්‍ර: සිහිගිරි පුවත – මහාචාර්ය මංගල ඉලංගසිංහ -2004, සීගිරිය – ඩේවිඩ් අතුකෝරල – 1999, විකිපීඩියා, 
මහාවංශය – බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය – 2004

මූලාශ්‍ර - Roar සිංහල 



No comments:

Post a Comment

Comment here!