Tuesday, November 28, 2017

දළ පූට්ටුවා මරා කෑලි කපා තැන තැන වළලලා!
ගල්ගමුවේ දළ පූටූවා ඇත් රජු පිලිබදව වීඩියෝව !                   
             


අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූටූවා ඇත් රජුන් මරා දමා ඇති බව මෙතෙක් දින ගණනාවක් පුරාවටම මාධ්‍ය වෙත බොරු ප්‍රකාශ කරමින් සිටි වනජීවී දෙපාර්තුමේන්තුව අද මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

දළ පූට්ටුවා මරා දළ ගලවා ගැනීමෙන් අනතුරුව යාන්ත්‍රික කියත් ආධාරයෙන් සිරුර කැබලිවලට කපා වෙන්කර ස්ථාන කිහිපයක වළ දමා ඇති බව විශ්වාස කරන්නේ යැයි ඊයේ පාර්ලිමේන්තුවේදී වනජීඉවි ඇමටි ගාමිණි ජයවික්‍රම මහතාද සඳහන් කලේය.

පසුගිය ඔක්තෝම්බර් මාසයේයෙන් පසු ගල්ගමුවේ දළ පූට්ටුවා දක්නට නොලැබීම හේතුවෙන් කලබලයට පත් වූ පරිසරවේදීන් නොසිටින්නට වනජීවී දෙපාර්තුමේන්තුව ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබඳව කිසිඳු හාවක් හූවක් නොමැතිව සිටියේය.

දැන් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරන වනජීවි දෙපාර්තමේන්තුවේ වැඩ බලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මීට ප්‍රථම පරිසරවේදීන් දිගින් දිගටම පොල්පිතිගම අල්ලපු දළ යුවල පූට්ටුවගෙ කියලා ප්‍රකාශ කෙරුවත් ඔවුන් එය පිළිබඳව මුනිවත රකිමින් සිටියේය..

“දළ පරණයිලු.. පූට්ටුවගෙ නෙවෙයි ලු… කිසිම තොරතුරක් නැතුව, කිසිම දත්තයක් නැතුව, පරීක්ෂණ වාර්තා එන්නත් කලින් එක එක කතන්දර කියලා තමන්ගෙ නොහැකියාව තවත් ප්‍රදර්ශනය කරන වනජීවී දෙපාර්තුමේන්තුව ඇතා ගැන අවංකවම ආදරයක්, කැක්කුමක් තියෙන බවක් පෙන්නුම් නොකලේ දැඩි සැකයක් මතු කරමිනි.

ඒ පිළිබඳව සොයා බැලීමේදී අපට අනාවරණය වූයේ දළ පූටූඋවාගේ හෝ අනෙක් ඇත්තුන්ගේ DNA එකතුවක් හෝ දෙපාර්තුමේන්තුව සතුව නොමැති බවයි..

වනජීවී ඇමති ගාමිනි ජයවික්‍රම මහතාගේ පත් වීමක් අනුව දැනට වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඒ.එච්. සුමනසේන මහතා වනජීවී දෙපාර්තුමේන්තුවෙන් විශ්‍රාම ගිය එහෙත් වනජීවී ඇමතිවරයාගේ අනුහසින් යළි පත් වීමක් ලබා ගත් අයෙක් බවද හෙළිවී ටිබෙනවා.

හේරත්ගම, ගල්කිරියාගම, ගල්ගමුව සහ මීගලෑව යන වනජීවී කාර්යාලවල නිලධාරි කණ්ඩායම් 4ක් දළ පූට්ටුවාගේ සිරුර වළදමා ඇති ස්ථාන සොයා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇති බවට වනජීවි දෙපාර්තමේන්තුවේ වැඩ බලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න සඳහන් කර සිටියත් දළපූට්ටුවා ඝාතනය කල බවට සැකපිට අත් අඩංගුවට ගත් ග්‍රාම නිලධාරීවරයා සහ  රියදුරා සහ එක් සැකකරුවෙකුගේ ඔහුගේ සොහොයුරෙක් බව කියන වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ වැඩ කරන තවත් අයෙක් සමගත් වනජීවී ඉහළ පෙලේ නිලධාරීයෙක්ගේ සම්බන්ධයක් ඇති බවටත් පරිසරවේදීන් විසින් හෙලි කරගෙන ඇතැයි සඳහන්..එම නිසා මෙම පරීක්ෂණ කටයුතු යට ගැසීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවටත් පරිසරවේදීන් සැක පල කරනවා.

ප්‍රදේශයෙන් පලා ගොස් සිටින භික්ෂුවක් සොයා ඒ පිළිබඳවත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

දැනට පරිසරවේදීන් සැක පල කරන්නේ ඔවුනට ලැබී ඇති තොරතුරු අනුව දැනට අත් අඩංගුවේ සිටින එක් සැකකරුවෙකුගේ සහෝදරයෙක් වන වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ වැඩ කරන පුද්ගලයෙක් ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබදව මීට ඉහතදී තොරතුරු සොයා බැලීමක් සිදුකොට ඇති බවත්ය.

එමෙන්ම ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන බැකෝ යන්ත්‍ර වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ බවත් ඔවුන් සැක පල කරනවා.

ගල්ගමුවේ දළ පූට්ටුවා මරාදමා ඇත්තේ කහල්ලපල්ලකැලේ අභයභූමිය අසල හේරත්ගමදී බවට සැක කරන බවත් එම ප්‍රදේශයේ දින කිහිපයක්ම සැකකටයුතු ලෙස බැකෝ යන්ත්‍රයක් නවතා තිබී ඇති බවත් වනජීවී නිලධාරීහු කියා සිටින්නේ සැකපිට අත් අඩංගුවේ සිටින ග්‍රාමසේවකයා හා රියදුරාගෙන් දළ පූට්ටුවා කපා වැල්ලුවේ කොහේදැයි අසා දැන ගැනීමේ නිවැරැදි හැකියාව තිබියදීය.

මේ සම්බන්ධව හේරත්ගම ග්‍රාම නිලධාරියා සහ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බවත් සැකකරුවන් පැමිණ ඇත්තේද අංක තහඩු වෙනස් කරන ලද මෝටර් රථයක බවත් වලාන දූෂණ මර්දන ඒකකය පවසයි. පොලිසිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වෙන වෙනම පරීක්ෂණ කටයුතු සිදුකරයි.

දිගින් දිගටම පරිසරවේදීන් විසින් දැනට ඉතිරි වී සිටින ඇතුන්ගේ ආරක්ෂාව පිණිස කිසියම් හෝ වැඩපිලිවෙලක අවශ්‍යතාවය මතු කර සිටියත් වනජීවී දෙපාර්තුමේන්තුව ඒ කිසිඳු කරුණක් පිළිබඳව තැකීමක් නොකර සීතල කාමරවල වී සිටිය නිසා මේ තත්වය උදා වී ඇති බව අපේ රට වෙබ් අඩවිය ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම දැනට අත් අඩංගුවේ සිටින සැකකරුවන්ගේ දුරකථන සංවාද පිළිබඳව සොයා බැලීමක් සිදු කරන්නේ නම්, අදාල සැකකරුවන් සහ වනජීවී දෙපාර්තුමේන්තුවේ ඉහල පෙලේ නිලධාරීන් සමග පැවති සබඳතාවයද හෙළි කර ගැනීමේ හැකියාවක් පවතින බවත් කිව යුතුමයි..

මිහිඳු ෆොන්සේකා.

“අම්මා රුපියල ඉල්ලනවා. කොන්දොස්තර බනිනවා. මිනිස්සු හිනා වෙනවා”



බොහෝ වෙලාවට බස්රථ කොන්දොස්තරවරුන්ගෙන්  ඉතුරු මුදල් ලබාගන්න අමාරුයි කියලා ගොඩක්දෙනා චෝදනා කරනවා. විශේෂයෙන්ම ඉතුරු රුපියල දෙක ගන්නනම් දෙපාරක් තුන්පාරක් ඉල්ලන්න වෙන අවස්තා තියෙනවා. තරුණ පිරිස්නම් මේ ගැන වැඩි අවධානයක් නොදැක්වුත් අපේ වැඩිහිටි පරම්පරාවනම් කෙසේ හෝ එම මුදල් ඉල්ල ගන්නවා.කෙසේ  වෙතත් මෙලෙස ඉතිරි මුදල් ඉල්ලාගැනීමට අපට අයිතියක් තිබෙනවා වගේම ඉතිරි මුදල් ලබාදීමටතත් කොන්දොස්තරවරුන්ට වගකීමක් තිබෙනවා.

එවැනිම වූ අත්දැකීමකට මුහුණ දුන් මහළු මවකට අපේ හමුදා සෙබලෙකු විසින් මැදිහත් වී සිදු කල ඉතාමත්ම අගය කල යුතු ක්‍රියාවක් මේ දිනවල සමාජ ජාලාතුල දැඩිව කතාබහට ලක්වෙනවා. බොහෝ දෙනාට  හමුදා සෙබළුන් රට වෙනුවෙන් සිදු කල මෙහෙය අමතක වෙමින් යන කලෙක මේ සෙබලා සිදු කල ක්‍රියාව සැබවින් සියළු ශ්‍රී ලංකිකයින්ගේ ගෞරවයට පාත්‍රවිය යුතු වෙනවා.

මේ සම්බන්ධයෙන් මුහුණු පොතේ හුවමාරුවන සටහන පහතින්.

“පොඩි පොදයකුත් තිබුණා.. පාන්දර නිසා සීතලත් එක්ක. අඳුරු පැහැ ගත් පරිසරය කෑම සොයන් යන කුරුල්ලන්ගෙන් වර්ණවත් වෙලා.. ටවුන් එකේනම් සුපුරුදු කාර්‍යබහුලත්වය එහෙමමයි. හෙමින් හෙමින් ගාල්ල බස් නැවතුමට පයින්ම කොටපු මගේ ඇගේ සීතලටම හිරිගඩුත් පිපිලා.. ත්‍රී වීල් එකේ අයියා කෙනෙක් හොරාටම සිගරට් එකක් අදිනවා.. කවදාවත් බුලත් විටක්වත් කාපු නැති මට, මේ හීතලට ඒ සිගරට් එකේ අමුතු ආතල් එකක් ඇති කියලත් හිතුනා.

මම හිටියේ මාතරට යන්න. ඉක්මනට යන්න ඕන නිසා දුර ටර්න් එකක් ගන්න පාර අයිනට ආවා.. වෙලාවටම මම ආසම ටර්න් එක තියෙනවා. තංගල්ල ත්‍රිකුණාමලය.. ටිකක් සෙනඟ හිටියත් ඉක්මනට යන නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නෑ..

විනාඩි විස්සක් විතර බසය මාතර දෙසට ඇදුනා.එක තැනකින් අම්මා කෙනෙක් බස් එකට නැග්ගා.. ඒ මනුස්සයා ටිකක් වයසයි. මටනම් අපේ ආච්චි වගේ.. එයා හෙමින් බස් එකට ගොඩ වුණේ.. එයාට නැගගන්න අමාරුයි. ඒ එක්කම ඉස්සරහ දොරටුවෙන් කොන්දොස්තර අයියගේ කටහඬ ඇහුනා.

“ඉක්මනට නගිනවා මනුස්සයෝ.. පරක්කු වෙනවා” මම හිටියේ පස්සේ ෆුට් බෝර්ඩ් එක ලඟමයි. මම ඒ අම්මගේ අතින් අල්ලලා උඩට නග්ගගත්තා.. ඒ මනුස්සයා හරි දුර්වලයි. මට අතින් ඇල්ලුවම කටු ටිකයි නහර ටිකයි විතරයි අහු වුණේ..

මොනා වුනත් ඒ මනුස්සයට ශීට් එකක් දෙන්න කෙනෙක් හිටියේ නෑ.. කොන්දොස්තරත් ලඟට ආවා. ඒ අම්මගෙන් ටිකට් ඉල්ලුවා. රු 10 කොලයක් දීලා ටිකට් එකක් ඉල්ලුවා.. කොන්දොස්තරත් ටිකට් එකක් දුන්නා. ඒත් එක්කම අම්මගේ කටහඬ ආයේ අවදි වුණා.

“පුතේ තව රුපියලක් එන්න ඕන මට. රුපියල් නමයයි නේද ගාන?”

“මාරු නෑ. ඕනනම් නමයක් දෙන්න මට”

මම ලඟත් නෑ. මට රුපියල ඕන.. ඒ මනුස්සයා කොන්දොස්තරට ටිකක් තදින් කිව්වා..

වයසක ගෑණු ඔහොමමයි. මට හිතින්ම කියවුණා. පුදුම තන්හාවක්..

බස් එකේ එක කාලගෝට්ටියයි. අම්මා රුපියල ඉල්ලනවා. කොන්දොස්තර බනිනවා.. මිනිස්සු හිනා වෙනවා..

ඒ අතරේ මම ලඟම හිටගෙන ඉඳපු කොන්ඩේ නෝට් කපපු අයියා කෙනෙක් රුපියලක් දෙනවා මේ අම්මට..

අනේ.. අම්මගේ මූණට හිනාවක් ආවා..

මේ රුපියල දීපු අයියා ඒ අම්මගෙන් ඇහුවා මොකටද රුපියල කියලා.. ඒ අම්මා කියපු කතාවට තාම මගේ පපුව කීන් ගානවා.

“මම මේ යන්නේ මගේ මහත්තයා බලන්න පුතේ. එයාට හරියට ඇවිදින්නත් බෑ.මම ඉන්නේ මගේ දුව ලඟ. අපට ඉන්නේ ඒකි විතරයි. තාත්තා ලඟ ගඳයි, අපිරිසිදුයි කියලා මගේ දුව මගේ මහත්තයා ගෙදරට ගන්නේ නෑ.. එයාව මට බලන්න යන්නත් එපා කියලා තියෙන්නේ.. මම කොහොමද මහත්තයෝ මගේ මිනිහා අත ඇරලා දාලා හුස්ම පොදක් ගන්නේ? එයා ඉන්නේ මේ කිට්ටුව. මම අද උදේට කෑවේ නෑ මහත්තයෝ. ඒක ඔතාගෙන ආවා මගේ මිනිහට. පව් එයා කඩාවැටුන ගෙදරක තනියම විඳවනවා. එයාට අසණීපයි. දුව එයාට රුපියලක්වත් වියදම් කරන්නේ නෑ. මට සල්ලි දෙන්නෙත් නෑ එයාට වියදම් කරයි කියලා. මම ලඟ තිබුනේ රුපියල් 18යි මහත්තයෝ. ඒකත් මුණුබුරාට වැඳලා වැඳලා ඉල්ලගත්තේ. මට මේ රුපියල ඉල්ලගත්තේ නැත්නම් මට ආයේ එන්න වෙන්නේ නෑ. එහෙම වුනොත් මගේ මහත්තයට මෙහෙමවත් කෑම වේලක් දෙන්න වෙන්නේ නෑ මට.”

මම මටම සාප කරගත්තා. මමත් හිතින් මේ අම්මට බැන්නා නේද කියලා..

ඒ එක්කම අර කොන්ඩේ නෝට් කපපු අයියා පර්ස් එක අරගෙන ගණන් කරලම පන්දාහේ කොල නවයක් අර අම්මගේ අතට දුන්නා..
“මේක තියාගෙන තාත්තව සනීප කරගන්න අම්මේ”

“අනේ ගොඩක් පින් මහත්තයෝ” ඒ අම්මා කිව්වා..

ඒ අම්මා දන්නේ නැතිව ඇති ඒ දුන්නේ පන්දාහේ කොල කියලවත්..

ඒත් මම හිතුවා මේ ලොකු සල්ලි කාරයෙක් කියලා.. කිසි ගානක් නැතිව සල්ලි දීපු නිසා..

මම නිකමට ඒ අයියගෙන් ඇහුවා.
“පව් නේද අයියේ? අයියා කොහේද වැඩ කරන්නේ?”

මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ මල්ලි. මේ මගේ මාසේ පඩිය. අද මම මේ ගමේ යන ගමන්. මගෙත් අම්මා නෑ මල්ලි. අම්මා නැතිවුනාට පස්සේ මට මේ ජොබ් එක සෙට් වුණේ. ඒකෙන් මට මගේ අම්මට හරියට සලකගන්න බැරිවුණා.. ඒත් අදනම් හිතට මාර ෆිට්..

මට ඉක්මනට කඳුළු එන කෙනෙක්. ඒත් වැටෙන්න නොඳී දරාගෙන හිටියේ අර අම්මා හිටගෙන බස් එකේ ශීට් එක බදාගෙන යනවටත් වඩා අමාරුවෙන්..

තව දෙයක්..
අපි කියන්නේ ආමි එකේ කොල්ලෙක් කියලා..

එයාලා කියන්නේ මම වැඩ කරන්නේ හමුදාවේ කියලා..

ඒත් මේ අයියා මට කිව්වේ,
එයා වැඩ කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කියලා..

ඒ වචන ඇතුලෙම තිබුණා
පෞරුෂය
තේජාන්විතකම
ගෞරවය හා විනය!

ඔබට ස්තූතියි නොහඳුනන සහෝදරයා!
– උන්මාදකරු –

උපුටගනීමක් !
රාවණා ඇල්ල හා රාවණ රජතුමා අතර සම්බන්දය කුමක්ද ?


මහා රාවණ  රජු ශ්‍රී ලක් දිව අවරුදු 4500 කට පෙර රජ කම් කල බව දැන් දැන් බොහෝ ය පිළිගන්න කාරණයකි .

නමුත් මෑත කාලයේදී මහා රාවණයන් ගැන මමේ  තරම් කතා බහට ලක් වුය් ඇයි ?



ඒ 1990 න්  පස්සේ ලෝකයේ මතයක් ඇති වුන  පැරණි ලෝකයේ මිනිසුන් අහසින් ගමන් කල බවට , ඊට හේතුව 1986 වර්ෂයේ ඊජිප්තු පිරමීඩ වලින් සොයා ගත් සාක්ෂි නිසා ..පැරණි පිරමීඩ වල පැරණි විවිද ආකාරයේ අහස් යාත්‍රා වර්ග 4 ක් සිතුවම් ද්කගන්නට ලැබුනා .


මෙවැනි සාක්ෂි මතු වීමත් සමග ලෝකයේ විද්වතුන් මේ ගැන සෙවීමට උනන්දු වුහ .ඇමරිකානු මානව විද්ශ්ශ්යින් මෙහෙදී වැඩි වශයෙන් උනන්දු විය .


පසුව මෑත කාලයේදී එය නැවතත් කරලියට පැමිණෙන්නේ ඌව පළාතේ සිදු කරමින් පවතී උමා ඔය ව්‍යප්‍රතියේ දී සොයා ගත උමග නිසා . පසුව අතීතය දෙස බලන විට ,1997 දී මෙහි ප්‍රථම උමගේ ඉදල්ගස්හිනිය දුම්රිය පොළ යටින් මතුවී තිබේ.පසුව ඌව පළාතෙන් මෙවැනි උමගවල් කීපහය්ම සොයගනුනි . 
බණ්ඩාරවෙල දෝව පන්සලේ අපට අදටත් හමුවන උමග මෙවැනි උමගක් බවට තාමත් පිළිගැනේ.



වාල්මිකී රචනා කල රාමායණය කතාවේ රාවණයන් නරක මිනිසෙකු ලෙස හැදින්ව්වත් , සැවොම එය එක ලෙසම ප්‍රතික්ෂේප කරති .
ඌව පළාතේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ තම ගුප්ත බව මැනවින් විජ්ජාමන කරන රාවණා ඇල්ල හා මාහා රාවණයන් අතර ඇති සම්බන්දය කුමක්ද? 


රාවණයන් ඉන්දියාවේ රාම සමග ඇති කරගත් සංග්‍රාමයේ දී රාවණයන් විසින් සීතා දේවී ව ගෙනවිත් සගවා තිබු යේය් සැලකෙන ගුහවල් පිලිබදව වාල්මිකී රචනා කල රාමායණය කතාවේ මැනවින් සදහන් වේ .
එය අනිවාර්යෙන් කාටවත් ඉක්මනින් ලගා විය නොහැකි ස්ථානයක් විය යුතු , ඉතාමත් ආරක්ෂා කාරී , අතිශය අලංකාර බවකින් යුක්ත උවක් විය යුතුය්. 

මෙවැනි ස්ථානයක් ගැන අපිට අහන්නට ලැබෙන්නේ මේ රාවණා ඇල්ල සමගය.ඒ නිල් දිය පොකුණ ලෙසය.නම අසු පමණින් ඕනෑම කෙන්ක්ට එහී අමුතු බවක් දැනේ. නමුත් රාවණා ඇල්ල තිබෙන ගිරි ශිකරය මත එවැනි පොකුණක් නැත .
ලෝකයේ කොහේ වත් කන්දක අභයන්තරයේ තටාකයක් පිලිබදව අප අසා නැත.රාවණා ඇල්ල තිබෙන ගිරි ශිකරය තුල  එවැනි පොකුණක් තිබේද ? . තිබේ නම් ඒ කෙසේද ? මෙවැනි දෙයක් නිර්මාණය කලේ කව්ද? ඉබේ නිර්මාණය ව්වක්ද ?
නැතිනම් නිර්මාණය කරන ලද්දක්ද? ඒ කුමකටද? 
රාවණා ඇල්ල තිබෙන ගිරි ශිකරය තුල එවැනි පොකුණක් අදටත් තිබේ යි කිවොත් උබට කුමක් හිතෙඉද? 
අදටත් නිල කැටේට වතුරෙන් පිරි පවතින මෙමෙ තටාකය දෙස බලන්න.



නිල දිය පොකුණ 
මෙය සුළු පටු දෙකට පාවිච්චි කලදෙයක් වන්නට බැහැ . රාවණයන් විසින් සීතා දේවී ව රැගෙන ඇවිත් සගව්වනම් එය මෙතන වන්නට සාක්ෂි අදටත් දැක ගත හැක. දැනට කීප දෙනෙක් මෙම දුෂ්කර ගමන් ගොස් අනාවරණය කල කරුණු අතර , මෙහි අක්කර 4-5 ක භුඋමියක් ඇත.ලෝකයේ විශිෂ්ට රංග ශාලාවකට නොදවෙනි තරම් මහා විෂලවත්යකින් යුක්තය .ඇසෙන්නේ ජලය කඳු වන ශබ්දය පමණි.මෙලොව පවතින සුන්දරම නමුත් ඇති ගුප්ත ස්ථානය මෙය වන්නට පලුවන.

Saturday, November 18, 2017

සිය වර්ගයා වෙනුවෙන් දිවි දුන් පනාමුරේ ඇත් රාජා

සිය වර්ගයා වෙනුවෙන් දිවි  දුන් පනාමුරේ ඇත් රාජා 

තම සගයන්  වෙනුවෙන්  ජීවිතයෙන් වන්දි  ගෙවූ  හස්ති  රාජයෙක් පිලිබදව අපට  ආරංචි වන්නේ අබිලිපිටිය පනාමුර ප්‍රදේශයෙනි .. ඒ 1950 වර්ෂයේ ..




යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් විකිණීමේ ව්‍යාපාරය ඇත් ගාල් හිමියන්ව මුදල් වලින් සම්පුර්ණ කළහ ...මඩුවන්වෙල පරපුරේ නින්දගමක් ලෙස පැවති
කොළොන්න කෝරලයේ පිහිටා ඇති පනාමුරේ ග්‍රාමය මේ ඓතිහාසික සංසිද්ධිය සිදු වූ ස්ථානයයි. කඳු, බෑවුම්, මිටියාවත්, ඇළ දොළින් සපිරි මේ ප්‍රදේශය එකල අතිශයින් රමණීය වනාන්තරයක් විය. වන සතුන්ගේ නින්දගමක් වූ පනාමුරය හා ඒ අවට ප්‍රදේශ එකල වඩාත් ප්‍රකටව තිබුණේ අලි ඇතුන් බහුල ප්‍රදේශයක් ලෙසිනි. 1912 දී සිදුකළ අලි ගණනයට අනුව එහි අලි ඇතුන් 2300 ක් පමණ වාසය කළ බව සඳහන්ව තිබුණි.


                                                        

 මඩුවන්වෙල පරපුර මේ සියල්ලම තමන්ට අයත් බූදලයක් ලෙසින් සැලකූහ.
සිය නින්දගමෙහි ජීවත් වූ අලි සම්පත අල්ලා විකිණීමෙන් ඔවුන් වරින් වර විශාල ආදායමක් ලැබූ බව ඉතිහාස කතාවන්හි සඳහන් වේ. ඔවුහු අවුරුදු පහකට වරක්වත් අලිගාල් පැවැත්වීම හෙවත් අලි ඇල්ලීම සිදු කළහ. 1912 දී මඩුවන්වෙල රටේ මහත්තයා එවැනි ඇත් ගාලක් පැවැත්වූ බව සඳහන් වේ. රජයේ අවසරයක් නොමැතිව වුවද ඇත් ගාලක් බැඳ අලි ඇල්ලීමේ බලය තිබූ එකම පුද්ගලයා වූයේ මඩුවන්වෙල රටේ මහත්තයාටය. අක්කර 64 ක භූමි ප්‍රදේශයක් පුරා එම ඇත්ගාල පවත්වා ගෙන ගිය බව සඳහන්ය.




පනාමුර ඇත් රාජ පිලිබද වීඩියෝව 

                                             

පනහේ දශකය වන විට මඩුවන්වෙල පරපුරේ ජීවමාන උරුමකරවා වූයේ ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය. ඔහු ඒ වන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම කතානායක ධුරයද දරමින් සිටියේය. අලි අල්ලමින් විශාල ආදායමක් උපයාගත් පරපුරක අයෙකු වශයෙන් ෆ‍්‍රැන්සිස් මොලමුරේද ඇත්ගාලක් පවත්වා ගෙන යාමට උත්සාහ දැරීය.


ඔහු සතුව අලි ඇල්ලීමේ මන්තර තිබූ බවටත් එකල බොහෝ දෙනකු අතර ප්‍රචලිතව තිබුණි. වනාන්තරය මැද ස්වභාවිකව පිහිටා තිබූ දිය බුබුලක් ආශි‍්‍රතව ඔහු මෙම ඇත්ගාල ඉදිකරවන ලදී. මේ දිය බුබුලෙහි දිය කිසිදා නොසිඳෙන බවට විශ්වාසයක් එදා මෙන්ම අදද ජනතාව අතර පවතී.

අලිගාල ඉඳිකොට තිබුණේ අක්කර හතරක පමණ භූමි ප්‍රදේශයක් වටකොටය. සුවිශාල බුරුත කඳන්වලින් අලි ගාල වටකොට තිබුණි. සද්දන්තයන් දියට බසිනා මාර්ගය සමීපව ඉදිකොට තිබුණු දොරටුවෙන් අලින් කොටුව තුළට පැන්නීම සිදුකර ඇත. ඉන්පසු කඩුල්ල සවිමත්ව බැඳ දමා ඇත. මෙතරම් සුවිශාල අලි වැටක් ඉදිකිරීමේ කාර්යය සිදුකර ඇත්තේ එම නින්දගමෙහි ජීවත් වූ ජනතාව විසිනි.




අලි ඇතුන් ගාල තුළට කොටු කරන අන්දම නැරඹීම පිණිස එකල සුවිශාල ජනකායක් පැමිණි බවද සඳහන් වේ. ඔවුන් මේ සඳහා ප්‍රවේශ පත්‍රයක් ද මිලදී ගත යුතු විය. එය නැරඹීම පිණිස සුවිශේෂි නැරඹුම් මැදිරියක් ද ඉදිකොට තිබුණි. ප්‍රැන්සිස් මොලමුරේ විසින් පවත්වන ලද අලිගාල නැරඹීම සඳහා එවකට ශ්‍රී ලංකාවේ ඉංගි‍්‍රසි ආණ්ඩුකාරවරයා වූ සෝල්බරි සාමි, හමුදාපති රෝස් මෙන්ම කීර්තිමත් ඉංගි‍්‍රසි ලේඛක දොස්තර ආර්.එල්. ස්පිට්ල් ද සහභාගි වී ඇත.


අලි ඇල්ලීමේ කාර්යයේ යෙදී සිටින පුද්ගලයන් හඳුන්වනුයේ ‘පනිත්තිලයන්’ නමිනි. ‘පනිත්තිලයන්’ සියලු දෙනාද මේ කාර්යය සඳහා එක්වී ඇත.




වල් අලි කොටුකර බැඳ තැබීම සඳහා හීලෑ අලි 14 දෙනකු යොදාගෙන ඇත. ඔවුන් වෙනුවෙන් ඇත් ගොවුවෝ දෙදෙනෙක් ද ඊට සහභාගි වූහ. දින කිහිපයක පරිශ්‍රමයකින් පසු ඔවුන්ට වල් අලි 26 දෙනකු ගස් බැඳීමට හැකි විය. එහෙත් මේ අතර සිටි එක් සද්දන්තයෙකු කෙසේවත් මෙල්ල කළ නොහැකි විය. අඩි 9 ක් පමණ උසකින් යුතු වූ මේ සද්දන්තයාට වයස අවුරුදු 25 ක් තරම් විය. ඇතුන් ඇල්ලීමට නම් දැරූ අය පමණක් නොව අලි මන්තර දත් අයද දැරූ පරිශ්‍රමය වතුරේ ගියේය. 


ඒ කිසිවක් ඉදිරියේ මේ සද්දන්තයාගේ ඔද තෙද සිඳි නොගියේය. පැමිණි වද හිංසා දුක් ගැහැට හමුවේ තව තවත් දරුණු වූ ඌ හීලෑ අලි ඇතුන්ගේ පස්සා ගාත් බිම ඇදෙන්නට පහර දුන්නේය. ගස් බඳින ලද තම රැහේ එවුන් බේරා ගැනීමට එම ගස්වැල් වලට පහරපිට පහර දුන්නේය.


අලි ගාලේ අයිතිකාරයා වූ ෆ‍්‍රැන්සිස් මොලමුරේට ද මේ සද්දන්තයා සුවිශාල ප්‍රශ්නයක් විය. වියරුවෙන් සිය රැහේ එවුන් වෙනුවෙන් මෙල්ල නොවී සටන් වදින මේ ඇතාට වරක් පිටව යන්නට ගාලේ දොර ඇර තැබුවේය. එහෙත් සිය පරපුරේ අනිත් එවුන් ගස් බැඳ තිබියදී බියගුල්ලකු මෙන් පලා යන්නට ඌ කිසිසේත්ම කැමැති නොවීය. තව තවත් රෞද්‍රව සටනට ආවා මිස පලායාමක් ඌට නොවීය.




පනාමුරේ මේ ඇත් රාජාගේ වික්‍රමය පිළිබඳ ඒ වනවිට දස දෙස ප්‍රචලිත වන්නට විය. ඇතාගේ වික්‍රමය අභියස අසරණ වූ ෆ්‍රැන්සිස් මොලමුරේ ගේ අවසාන තීන්දුව වූයේ මේ සද්දන්තයා මරා දැමීමයි.
රත්නපුරේ පොලීසියේ නිලධාරීන් හයදෙනෙකු ඒ සඳහා පැමිණියද එක වෙඩි පහරින් මේ සද්දන්තයා බිම හෙළීමට බැරි බව ඔවුහු ප්‍රකාශ කළහ. පසුව ඒ සඳහා කැඳවන ලද්දේ දිවයිනේ නම් දැරූ ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයාය. ඔහු නාවික හමුදාවේ සේවය කළ නාවික කොමදෝරු සෑම් කදිර්ගාමර් නම් විය. 


හරියටම ඒ 1950 වසරේ අගෝස්තු මස 09 වැනිදාය. සිය වර්ගයා වෙනුවෙන් දිවි ඇති තෙක් සටන් කරමියි සිතා ඇත් රජු වෙඩික්කරු ඉදිරියට දූවිලි අවුස්සමින් දිව ආවේය. රයිෆලයෙන් නිකුත් වූ වෙඩි උණ්ඩය ඇත් රජුගේ වම් ඇසට ඉහළින් සිරුරට කිඳා බැස්සේය. චිත්‍රපට දසුනක් සේ මෙය නැරඹු සියලු දෙනාගේ දෙනෙත් තෙත් කරවමින් සද්දන්තයා සිය උපන් භූමිය සිප ගත්තේය.




තමගේ වර්ගයා වෙනුවෙන් මෙවැනි කියාවක් කල ඇතෙකු ගැන අපිට පෙර අසන්නට ලැබී නැත  ...පසුව  එවකට ශ්‍රී ලංකාවේ ඉංගි‍්‍රසි ආණ්ඩුකාරවරයා වූ සෝල්බරි සාමි ශ්‍රී ලංකාවේ මෙවැනි අලි ඇතුන් ඇත්ගාල් නතරකර දැමිය .


Wednesday, November 15, 2017


සුද්දා කැලේ ඉද්දි , මහා පාර්වත මාලිගා කලගත් සිංහලයන් !!




ශ්‍රී  ලංකාවේ  ශ්‍රී විබුතිය ලොවට විදහාපාන සීගිරිය ,


සීගිරි පර්වත රාජයා සහ ඒ වටා වූ නටඹුන් වර්තමාන ලෝකයේ අටවැනි ලෝක පුදුමය ලෙසින් හඳුන්වනවා පමණක් නොව, යුනේස්කො  ආයතනය ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා.
සීගිරිය ක්‍රි. ව. 477 වකවානුවේ දී කාශ්‍යප රජුගේ මාලිගාව බවට පත් ව්යේ තම සහෝදර මුගලන් ගෙන් ආරක්ෂා වීමටය .මහාවංශය ඇතුළු අපේ ඉතිහාස මූලාශ්‍ර රාශියකම වැදගත් තැනක් සීගිරි රාජ්‍ය සමයට ලබාදීලා තියෙනවා.ඒ එය එතරම් විශ්මය දනවන නිර්මාණයක් නිසාවෙනි .

මේ තරම් සුවිශාල පර්වතයක් මූදුනෙ මාලිගාවක් තැනුවේ කිනම් අරමුණක් සදහාද ?
සීගිරිය රාජධානියක් කියල සමහරු කියනවා. ඒ වගේම තවත් පිරිසක් සීගිරිය බලකොටුවක් කියලත් හඳුන්වනවා.

සීගිරියේ ඉතිහාසය !

                                                   සීගිරියේ දහසුනක් , චිත්ත්රයට 

ක්‍රි. ව. 460 දී අනුරාධපුරයේ රජ කල ධාතුසේන රජතුමාට පුත් කුමාරවරු දෙදෙනෙක් සිටියා.අගබිසවගේ පුත් මුගලන් සහ උප බිසවකගේ කුමාරයෙක් වන කාශ්‍යප ය. කුමන්ත්‍රණයකින් මුගලන් ට හිමි සිහසුන පැහැරගත් කාශ්‍යප තම පිය මාර දමා රජ විය .මුගලන් කුමාරයා කවද හෝ ඇවිත් සිහසුන ගනිය් යී බිය වූ කාශ්‍යප රජු අනුරාධපුරයෙන් නික්ම ගොස් අතිශය සුවුශල බලකොටුවක් වූ සිගිරිය තම රාජධානිය කරගත්හ.

සීගිරි සංකීර්ණය  ලක්ෂණ 

සීගිරිය කියන්නේ සුවිශේෂ නිර්මාණයක්. ඇත්ත වශයෙන්ම මෙහි ඇත්තේ ගොඩනැගිලි සංකීර්ණයක් බවයි විද්වතුන් සඳහන් කරන්නේ. සීගිරි සංකීර්ණයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මෙලෙස දක්වන්නට පුළුවන්,

පර්වතය මුදුනේ ඇති රජ මාළිගාව

ඩොලින් තැනූ සිංහයාගේ රූපය
ලලනාවන් ගේ රුව සහිත බිතු සිතුවම්
සීගිරි කැටපත් පවුර
ඇතුල් නුවර හා මළුපෙත්
ජල උද්‍යානය
දිය අගල් හා පවුර


යන අංග මිට අමතරව සීගිරි සංකීර්ණයට අයත් දේවල් හැටියට දක්වන්න පුළුවන්. දිය අගල් හා පවුර ඇත්ත වශයෙන්ම ඉඳිකර ඇත්තේ ආරක්ෂක උපක්‍රම වශයෙනි.

          





සීගිරියේ විශ්මය !

ගිම්හාන මාළිගා , 


මහා පර්වතයක් උඩ මාලිගාවක් දහවල් කාලයේදී අව් රශ්මියට කෙසේ රත් වෙනවද කියලා ඔබ අපි කව්රුත් හොදින් දන්නවා . නමුත් ඒ කිසිවක් ගැටළුවක් බවට පත්කර නොගත් මෙම විශිටට නිර්මාණය එයට උචිත මාලිගා වලින් සමන්විතය .

කැටපත් පවුර!

සීගිරියේ කිර්තිය ලොවට විදහාපාන අනෙක් සාධකය වන්නේ කැටපත් පවුරයි.  කැටපත් පවුරේ දක්නට ලැබෙන්නේ කුරුටු ගී ය. මේවා උසස් මට්ටමේ කාව්‍ය නොවුනද මේවා නිර්මාණශිලිත්වයෙන් හා රසයෙන් කිසිදු අඩුවක් නැත. සීගිරිය නැරඹීමට පැමිණි නොයෙක් දෙනා තම අදහස් පලකලේ මෙම කැටපත් පවුරෙහිය.  පුරාන බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා ඇති මේ කුරුටු ගී වලින් 700 වැඩි ප්‍රමාණයක් කියවා තේරුම් ගැනීමට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට හැකිවුණා.


සීගිරියේ විද්වතුන් මවිත කරවන තවත් දෙයක් නම්, එය .. පොලව මට්ටමේ සිට කිසිදු තාක්ෂණික මෙවලමක් රහිතව ජලය පර්වත මුදුනට ගෙන ගිය ආකාරයි.එය අපේ හෙළ දරුවන්ගේ ශිල්ප ඥාණය ලොවටම විදහා දක්වන කැඩපතක්. එසේම පොකුණුවල ජල මල් ක්‍රියාත්මක කලේ කුමන තාක්ෂණයක් උපයෝගී කරගෙනද?


සීගිරියේ රහස්!

 සීගිරිය පිළිබඳව නොයෙකුත් ජනප්‍රවාද සහ මතිමතාන්තර තියෙනවා. ඒවා බොහොමයක් ඉතාම විස්මය ජනකයි. ඒ වගේම ගුප්තයි. සීගිරිය ඇත්තටම කාශ්‍යප රජතුමගේද? මේක බොහෝ කාලයක සිට නැගෙන ප්‍රශ්නයක්. එක ජනප්‍රවාද කතාවක් එකට මෙහෙම උත්තර දෙනවා.

“සීගිරිය කියන්නේ රාවණා රජතුමාට අයිති භූමියක්. එතුමා තම මාළිගාව තනන්නට සැලසුම් කරලා තිබුනේ සිගිරියේ. ඒත් සිතා දේවිය පැහැරගෙන එන්නට සිදුවු නිසා රාවණා අනපේක්ෂිත යුද්ධයකට මුහුණ දෙනවා.  මේ නිසා මාළිගාව සැදීම රාවණා රජුට මග හැරෙනවා. පසු කලෙක කාශ්‍යප රජු සීගිරිය මත තමන්ගේ මාළිගාව ගොඩනගන්නේ  රාවණාගේ සැලසුමට අනුව කියලයි කියවෙන්නේ.”

තවත් ජනප්‍රවාදයක දැක්වෙන්නේ මිට වෙනස් කතාවක්. එක මෙහෙමයි:

“රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ  “මායා දන්නාව” නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණාගේ පියා වූ විස්තවාස රජු (වෙසමුණි) ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමයෙහි දී එයහැඳින්වූයේ චිත්රණකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව “විභීශණ” රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතරආලකමන්දාවට විභීශණගේ ඥාතියෙකු මෙන්ම  යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ, තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන් වෙන්නේ. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු (ක්‍රි. පූ. 437 – 367) හට රජකම ලබාදෙන්නට උපකාර කල අයෙක්. ඒ පණ්ඩුකාභය කුමරුගේ දෙමාපියන් පැවත එන්නේ චිත්තරාජ වංශයෙන් කියලයි සැලකෙන්නේ.”

සීගිරිය මුදුනට අද අපට නගින්නට පුළුවන්කම ඇත්තේ ගල වටා ගමන් කිරීමෙනුයි. එහෙත් එදා කාශ්‍යප රජ දවස එයට වඩා පහසුවෙන් ගල මුදුනට ගමන් කිරීමට ගමන් මගක් තිබුනාට සැකයක් නැහැ. රජකෙනෙක් අපි වගේ දහදිය මුගුරු හෙලමින් පය ගානක් තිස්සේ තමන්ගේ මාළිගාවට ගමන් කරනවා කියල හිතන්න බැහැ. විශේෂයෙන්ම ආරක්ෂක විධි විධාන ඇතුව හිටපු රජ කෙනෙක්.

ඒ නිසා සිංහ පාදයෙන් ඇතුල් වූ පසු, ගල මතුපිටට පැමිණීමට රහසිගත් ගමන් මගක් තිබුණු බවට විශ්වාස කෙරෙනවා. මේ පිළිබඳවත් නොයෙකුත් කතාන්දර සහ ජනප්‍රවාද පවතිනවා.

කුමක් හෝ හේතුවකට අද ඒ මංපෙත වැසී ගිහින්. ගල් පර්වතය විනිවිද දැකිය හැකි තාක්ෂණයක් හෝ උපකරණයක් හෝ සොයාගන්නා තුරු අභිරහස ඉතිහාසයේ සැඟවී තිබෙනවා ඇති.

මූලාශ්‍ර: සිහිගිරි පුවත – මහාචාර්ය මංගල ඉලංගසිංහ -2004, සීගිරිය – ඩේවිඩ් අතුකෝරල – 1999, විකිපීඩියා, 
මහාවංශය – බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය – 2004

මූලාශ්‍ර - Roar සිංහල