Saturday, December 2, 2017

ගල්ගමුවේ ඇත් රජු ගේ පංශකූලය සහ හස්තියෙක්ව කුකුලෙක්ට සමාන කෙරු නොදරුවන්ට මිනිසෙකු කියා දුන් පාඩම




අද මායි ශෂිකලනයි ඇතාගේ අවසන් මරණ පරීක්ෂණය ඉවරවෙලා ඇතාගේ පාංශකූලය දෙන එකට කහල්ල පල්ලේකැලේ රක්ෂිතයට ගියාම සහභාගි වෙන්න ගියාම දැක්කේ,

ඒ ගම්වල මිනිස්සු විලාප තියන්නේ "අහස පොළොව නුහුලන මේ අපරාධය කරපු එකාට හෙන 7ම ගහපන්" කියලා...එහෙම කියන්නෙත් "ඒ මිනිස්සු අමාරුවෙන් වගා කරපු හේනට ඇවිත් ඵලදාවත් කාලා ගිය සතාට..!
"කුකුල් මස් කන,දඩයම් මස් කන, මාලු කන උන් අලි ගැන කිය කියා අඬනවලු...!

ඒ මෝඩ හිස්තැනක් පුතාලා දන්නේ නැති වුනාට ඇතෙක්ගේ තියෙන වටිනාකම, ඇතෙක් නිර්මාණය වෙන්න මොනවගේ ජානමය පසුබිමක් එන්න ඕනේද වගේ දේවල් ඇත්තු මැරුණම අඬන මිනිස්සු දන්නවා..

ඇත්තු මරලා දැම්මමම අදාල ප්‍රදේශයේ නොවුනත්, ගව් ගානක් දුරින් ඉඳලා, තමන්ගේ එදිනෙදා වේල හොයා ගන්නේ නැතුව ඇවිල්ලා "මරපු එකාට හෙන ගහපන් කියලා" ඒ ඇතාගේ දියවුනු මළකුණ හරි දැකලා කඳුලු පිහිදාගන්න මිනිස්සු ඉන්නවා...

මේ ෆොටෝ එකේ ශෂියගේ දෑහින් වැටෙන්නේ ඒ කඳුලු...නිකන් නෙමෙයි ඉකිබිඳ බිඳ අඬපු ඇතා වෙනුවෙන් හෙලූ කඳුලු..ශෂියා විතරක් නෙමෙයි මේ අනිත් ෆොටෝ එකේ ඇතා නැතිවුනා කියලා ආරංචිය ලැබුන දවසේ ඉඳලා කකුල් ගෙවෙනකන් අනිත් සහෝදර සේවය කරන අයත් එක්ක එකතුවෙලා හොයලා ඇතාගේ දියවුනු සිරුර හොයාගෙන, මේ දවස් ටිකේම කිලෝමීටර් ගාණක් ඇවිදලා ඇවිදලා ඇවිල්ලා ඇතාගේ දියවුනු සිරුර දිහා බලාන, ආයෙත් නවතින තැනට ගිහින් ආයෙමත් උදේ මෙතන්ට ඇවිල්ලා ඒ වැඩ කටයුතු වලට සහභාගි වුනු ඇස් දෙකේ කඳුලු පුරෝගෙන ළඟටවත් යන්නේ නැතුව ඈතින් පේන දියවුනු මළකුණ දිහා බලාගෙන ඉකි ගගහ අඬන මේ ෆොරස්ට් එකේ අයියගෙන් මම ඇහුවා ඇයි ළඟටවත් යන්නේ නැත්තේ කියලා...ඉකි බිඳුම් අස්සෙන් මට කියනවා 

"මම කොහොමද මල්ලි රජෙක් වගේ හිටපු මේ සතා ළඟට ඔහොම ඉද්දි යන්නේ..? මම මේක ජීවීතේට දකින්නවත් හිතපු නැති දෙයක් මල්ලි...දරා ගන්න අමාරුයි කියලා...."

වනජිවීඑකේ මහත්තුරු මේ සතාව අත් දෙකෙන් අතගාලා බෙහෙත් කරපු මිනිස්සු...සමහරු අවුරුදු දහයක්.. ඇතාට අසනීප වුනාම බෙහෙත් කරපු මිනිස්සු...

ඔය දෙකයි පනහේ කථා කියන උන් වගේම සෙට් එකක් තමයි වනජීවී එකේ ඉහළ පුටුවල ඉන්නෙත්..ඒකනේ ඇත්තු ගැන වගේ වගක් නැත්තේ..!
මිනිහෙක් වෙලා ඉපදිලා බොරු ශෝ එක දාලා ටික කාලයක් ඉඳලා මැරිලා යයි...අඬන්න කුලියට හරි ගෙන්න ගන්න පුලුවන් වෙයි...

හැබැයි ඇතෙක් වෙලා ඉපදිලා මිනිහෙක්ගේ අතින් මැරිලා යද්දි, තවත් මිනිහෙක්ගේ දෑහීන් කඳුලක් වැටෙනවනම් ඒ මැරිලා තියෙන්නේ ඇතෙක් නෙමෙයි, ඇත් රජෙක්..! මිනිහෙක්ටත් වඩා වටින ජාතික වස්තුවක්..!

ඒක තේරෙන්නේ නැති මැටි මෝල් හරකුන්ට කොච්චර කියන්න ගියත් වැඩක් වෙන්නේ නෑ..අනික එහෙම පැහැදිලි කරන්න ඕනේත් නෑ..මනුස්සකමක්, සංවේදීකමක් නැතිව එහෙම දේවල් කියන්න පුලුවන් වෙන්නෙත් අකලට හැදිලා වටිනා වස්තුවක් ගැන තේරුම් ගන්න බැරි ගොන් මෝඩ බට්ටොනේ..!

#උපුටාගැනීම - Mihindu Fonseka ගෙනි.




No comments:

Post a Comment

Comment here!